වැලිකෙළියෙන් පිටු අතරටළමා හිතකාමී අධ්‍යාපනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන (නියමු ව්‍යාපාතිය)-2017 01.හැඳින්වීම දරුවකුගේ පිළිසිඳ ගැනීමේ සිට මුල් වසර 5 දක්වා කාලය මුල් ළමාවිය ලෙස අර්ථ දැක්වේ. එකී කාලසීමාව මොළය වර්ධන වේගය අතින් සීඝ්‍ර දියුණුවක් ලඟා කරගන්නා අතර එකී බුද්ධිමය ක්‍රියාකාරිත්වයේ ගුණාත්මක බව තීරණය වීමෙහි ලා දරුවා ලබන බාහිර අත්දැකීම් වල ගුණාත්මක බව ද වැදගත් වේ. මීට අමතරව වයස අවුරුදු 3-5 අතර කාලය භාෂා සංවර්ධනය , පෞරුෂ සංවර්ධනය, සමාජානුයෝජනය ආදි කාර්යයන් කෙරෙහි වැඩි වැදගත් කමක් දක්වයි. මුල් ළමාවියට අදාළ සංවර්ධන කාර්යයන් වැඩි විභවතාවයකින් හා ගුණාත්මක බවකින් දරුවා වෙත ළඟාකර ගැනීම සඳහා “ශක්තිය සපයන පරිසරයක් ” පැවතීම වඩා වැදගත් වේ. පෙර පාසල/මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන හරහා දරුවාට ලබා දිය යුතු වන්නේ ද මෙකී ශක්ති ජනක පරිසරයයි. දරුවාගේ පුද්ගලික විවිධත්වයන්ට ගරුකරමින් දරුවාගේ සංවර්ධන අවධියට සරිලන සේ ගුණාත්මක සත්කාරයක් සැපයීම පෙර පාසල/මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන හරහා ලබා දිය යුතු යැයි අපේක්ෂා කෙරේ. එහෙත් වර්තමාන පෙර පාසල/මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන තුළ එකී සත්කාර්යයන් හෝ ගුණාත්මක යෙදවුම් පිළිබඳ අවබෝධයක් හෝ දැනුවත්භාවයක් ඇති දැයි යන්න විවාදයට තුඩු දෙන කරුණකි. වර්තමානයේ පෙර පාසල, විධිමත් පාසලේ පළමු /දෙවන ශ්‍රේණි යේ ගුරුවරයා සතු කාර්යය ඉටු කරන ස්ථානයක් බවට පත් වි ඇත. පෙර පාසල තුළ භාෂා හා ගණිත සංකල්ප පිළිබඳ පුහුණුව ලබා දේ. නිපුණතා පාදක අධ්‍යාපන ක්‍රමවේදය තුළ, විධිමත් පාසල් ප්‍රවේශයේ දී දරුවා නිපුණතා 28 ද, පළමු ප්‍රධාන අවධියේ දී නිපුණතා 40 ද, දෙවන ප්‍රධාන අවධියේ දී නිපුණතා 52 ද, තුන්වන ප්‍රධාන අවධියේ දී නිපුණතා 55 ද, අත්පත් කර ගත යුතුය. පෙර පාසලේ කාර්යභාරය හෝ ප්‍රාථමික පාසලේ කාර්යභාරය පිළිබඳ පැහැදිලි අවබෝධයක් පෙර පාසල් ගුරුවරයාට නොමැත. වර්තමාන පෙර පාසල, පෙර පාසල් කාලයට අමතරව, අමතර කාල පරිච්ඡේදන් තුළ ද පෙර පාසල් දරුවා ට අමතර පන්ති පවත්වන ස්ථනයක් බවට පත්වී ඇත. මේ තුළින් පෙර පාසල් ගුරුවරයා තම ගම/නගරය තුළ ජනප්‍රියත්වය ආරෝපණය කර ගැනීමට උත්සහ දරයි. එසේම මේ සඳහා මව්පියන්ගේ ප්‍රසාදය ලැබීම ද, මෙම කාර්ය උත්තේජනයෙහි ලා හේතු වේ. ශ්‍රී ලංකාවේ දැනට පවතින අධ්‍යාපන ක්‍රමවේදය තුළ පළමු ශ්‍රේණියට ඇතුළත් වන දරුවා භාෂා හෝ ගණිතමය දැනුමෙන් පූර්ණත්වයට පැමිණියෙකු ලෙස නොව“කිසිත් නොදන්නා අයකු” සේ සලකා ප්‍රාථමික අංශයේ ගුරුවරයා විසින් අධ්‍යාපන කටයුතු ආරම්භ කළ යුතුය. එසේම දරුවන්ට අකුරු ඉගැන්වීම සම්බන්ධ සේවාවස්ථ පුහුණුව ලැබ ඇත්තේ ද ප්‍රාථමික පාසලේ ගුරුවරයාය. එහෙත් ඇතැම් ප්‍රාථමික ගුරුවරුන් පවා අකුරු ඉලක්කම් පිළිබඳ දැනුවත්ව පැමිණෙන දරුවා හා නොදැනුවත්ව පැමිණෙන දරුවා අතර සංසන්දනාත්මක අගයක් ගොඩනැගීමට උත්සහ දරයි. එකී ඝට්ටනය හේතුවෙන් දෙමව්පියන් විසින් “අකුරු උගන්වන” පෙර පාසලකට දරුවා ඇතුළත් කිරීමට උත්සහ දරයි. මුල් ළමාවිය දරුවන්ගේ මට්ටමින් බැලූ කළ පෙර පාසල, ප්‍රාථමික පාසල හා දෙමව්පිය රුචිකත්වය යන ත්‍රිත්වයට මැදිව දරුවා දරුණු ගැටුමකට මුහුණ දෙනු ලබයි. දරුවන් සිය ශක්‍යතාවයන් මුදුන් පමුණුවා ගන්නා කාල වකවානු දරුවාගෙන් දරුවාට වෙනස් මට්ටමක් දක්වනු ලබයි.“සුභගයන්”සඳහා මෙකී වේගවත් ක්‍රියාදාමය ඇතැම්විට ඵල සහිත බවක් දැක් වුව ද, බොහෝ දරුවන් මෙකී වේගවත් ක්‍රියාපටිපාටිය තුල වෙහෙසට පත් වේ. දරුවාගේ නිසි වයසට පෙර, දැනුම ලබා දීම තුළ “යමක් අත්පත් කරගැනීම” හරහා දරුවාට ලැබිය හැකි තෘප්තිමත් භාවය මඟහැරී යාමෙන් අධ්‍යාපන රටාව පිළිබඳ ඒකාකාරී හැඟීමක් දරුවා තුළ ඇති වේ. ඉහත සංක්ෂිප්ත ලෙස හුවා දක්වා ඇත්තේ වර්තමානයේ පෙර පාසල, ප්‍රාථමික පාසල, දෙමව්පියන් හා මෙකි ත්‍රිත්වයන්ට මැදිව දරුවන් මුහුණ පාන්නා වූ ගැටළුකාරි තත්වය වේ. ඒ අනුව මේ සම්බන්ධ සියලු වගකිවයුතු පාර්ශවයන් රැස්කර තමන්ට අයත් වගකීම පිළිබඳ විද්වත් කථිකාවතක් ගොඩනැගීම කාලීන අවශ්‍යතාවයකී. එකී අවශ්‍යතාවය පෙර දැරි කර ගනිමින් එක් දිස්ත්‍රික්කයකට වැඩසටහන් 5 බැගින් දිස්ත්‍රික්ක 6 මෙම ව්‍යාපෘතිය 2017 වසර තුළ ක්‍රියාත්මක වේ. මෙහි දී පහත සඳහන් සම්පත්දායකයින් මෙම වැඩසටහන තුළ සිය සම්පත්දායකත්වය සපයයි.
|